ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසුව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිස මුදාහරියි

 01/12/2018 - 19:55
4 reads

කොළඹ මහාධිකරණයෙන් ඇප හිමි වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී .කේ.පී. දසනායක මහතා ඇතුළු 6 දෙනා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අද මුදා හරිනු ලැබුවා.
ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින්.
එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණය පසුගිය අඟහරුවාදා නියෝග කළේ.
2008 - 2009 කාලවකවානුවේදී තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news