බීමත්ව රිය පැදවූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයාට වූ දේ

 01/12/2018 - 18:00
6 reads

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරගවදින අපේක්ෂකයෙකුට බීමත්ව රිය පැදවීමේ චෝදනා මත රුපියල් විසි දහසක දඩ මුදලක් නියම කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව සැකකාර අපේක්ෂකයාගේ රියදුරු බලපත්‍රය මාස 3 කට අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළ බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නොච්චියාගම ප්‍රදේශයේදී යතුරුපැදි පෙලපාලියක නිරතවීමේ චෝදනා මත එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හය දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news