කෝටි 4කට අධික ග්ලයිෆොසෙට් සහ බීඩි කොල බහාලුම් රේගුභාරයට

 01/12/2018 - 17:53
9 reads

නීතිවිරෝධී ලෙස සහල් අතර සඟවා ග්ලයිෆොසෙට් වල් නාශකය ආනයනය කරන ලද බහාලුමක් රේගු දෙපාර්තමේන්තුව අද ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේදී විවෘත කර තිබෙනවා.
එහි තිබී ග්ලයිෆොසෙට් කිලෝග්‍රෑම් 2,850ක් සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 32ක් පමණ වන බවයි රේගුව සඳහන් කළේ.
මේවා දිවයිනට ගෙන්වා තිබුණේ ඉන්දියාවේ තූත්තුකුඩියේ සිටයි.
මේ අතර, වියළි මිරිස් සහ වාහනවල අමතර කොටස් අතර සඟවා පසුගියදා ඉන්දියාවේ සිට ආනයනය කර තිබියදී සිය භාරයට ගත් බීඩි කොළ අඩංගු තවත් බහාලුම් දෙකක් ද රේගුව අද විවෘත කළා.
එම බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරහමාරක් පමණ වන සදහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news