ජ.වි.පෙ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වලට ඇප

 01/12/2018 - 16:19
7 reads

සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රංවල මහතාට ඇප ලබා දී තිබෙනවා.
ඒ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංවල මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ගෙවල් බිදුම්වලට සම්බන්ධ බවට සැකපිට සපුගස්කන්ද පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇප මත මුදා හරින ලෙසට වැඩ බලන ස්ථානාධිපතිවරයාට තර්ජනය කළ බවට වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news