ගුරුවරියක් දණ ගැස්සවූ සංවිධායකගේ පුත්‍රයාටත් චෝදනාවක්

 01/12/2018 - 14:26
13 reads

නවගත්තේගම නගරයේදී තරුණයෙකුට පහර දුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුත්‍රයා සහ තවත් තරුණයෙකු රුපියල් ලක්ෂ 02 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ,  ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මියගේ නියෝගයකට අනුවයි.

පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී  පහරදීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

පහර කෑමට ලක්ව ඇති 19 හැවිරිදි තරුණයා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට  ඇතුළත් කර තිබෙනවා.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් වී ඇති බවයි NEWS24 වාර්තාකරු සඳහන් කළේ.

ආනන්ද සරත් කුමාර මහතාට ද මීට පෙර ගුරුවරියක දණ ගැස්ස වු බවට චෝදනා එල්ල වී තිබුණා.

news24.lk
News24
sri lanka news 24
24 news
Ananda Sarath Kumara’s son assaults teenager