ගැබ්බර මුව දෙනකට වෙඩි [ඡායාරූප]

 01/12/2018 - 11:18
44 reads

ගැබ්බර මුව දෙනක් ඝාතනය කර යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය වෙමින් තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (11) රාත්‍රීයේ කරුවලගස්වැව තබ්බෝව වැව් තාවුල්ලේදී.

සැකකරුවන් කරුවලගස්වැව 8 කණුවප්‍රදේශයේ පදිංචි අවුරුදු  22ත්  25ත් අතර පසුවන්නන්.

මුව දෙනට වෙඩි තැබීම සදහා යොදා ගත් බෝර 12 ගිනි අවියද නිලධාරීන්  බාරයට ගෙන තිබෙනවා.

ඝාතනය කර ඇති මුව දෙන කිලෝ ග්‍රෑම් 50ක පමණ බරකින් යුක්ත බවත්, සතා ගැබ්බර බවට සැකකරන බවත්  වන ජීවී නිලධාරීන් පවසයි.

තබ්බෝව රක්ෂිතයේ දී  වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
(පුත්තලම - ජූඩ් සමන්ත)

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Deer mother