මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් කටුනායක දී කොටු

 01/12/2018 - 09:52
86 reads

රුපියල් ලක්ෂ 60 ක වටිනාකමින් යුත් ලොව මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ  ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණී ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඊයේ රාත්‍රීයේ සැකකරු  මෙරටට පැමිණ ඇති බවයි.

ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරිමේදි එහි සූක්ෂම අයුරින් සඟවා තිබූ  මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය නාශක කර්යාංශ නිලධාරින් විසින්  භාරයට ගෙන තිබෙනවා.

යුරෝපා රටවල භාවිතා කරන මිල අධික මත්ද්‍රව්‍යයක් ලෙස මෙය සැලෙකන අතර සැකකරු සතුව තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර මිලිග්‍රෑම් 220ක් බව සදහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Methamphetamine
drug