ජපුරේ හෙද වර්ජනය ගැන අදත් සාකච්ඡාවක්

 01/12/2018 - 09:30
4 reads

වර්ජනයේ නිරත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලයේ ගැටළු සාකච්ජා කිරීම සඳහා අද දින සාකච්ජාවක් ලබා දී ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.

එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්  මේ බව කියා සිටියේ NEWS24 කළ  විසදීමකදීයි.

ඇඟිලි සළකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ දින 10ක කාලයක සිටයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් ඊයේ දින කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද හෙදියන් ද ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ආරම්භ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Sri Jayawardenepura General Hospital