නවතම ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට

 01/12/2018 - 06:26
46 reads

මෙරට සංචාරය කරනු ලබන අමෙරිකානුවන්ට ආරක්‍ෂිත රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අමෙරිකානු ජාතිකයන්ට සංචාරය කිරීමේදී ඒ ඒ රටවල් පිළිබඳ නිකුත් කළ සංචාරක මාර්ගෝපදේශකයන්ට අනුව මීට පෙර ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබුණා.

කෙසේ වෙතත්, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල පවතින ආරක්‍ෂාව මත  ශ්‍රී ලංකාව ද සංචාරය කිරීමට සුදුසු බව අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

රට වල ඇති ආරක්‍ෂාව අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රටවල් කොටස්  4 කට බෙදා වෙන් කර තිබෙනවා.

එහි පළමු කාණ්ඩයට  රටවල් ආරක්‍ෂාව අතින් ඉහළ රටවල් ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව, උස්බෙකිස්තානය ඒ අතර වනවා.

චීනය, ඉන්දියාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ජර්මනිය වැනි රටවල් දෙවන කාණ්ඩයට අයත්.

රුසියාව තෙවන කාණ්ඩයට ඇතුළත්වීම විශේෂත්වයක්.

සංචාරය කිරීමට අවදානමක් ඇති රටවල් ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉරානය, ඉරාකය, ලිබියාව, මාලි, සෝමාලියාව,ඇෆ්ගනිස්තානය වැනි රටවල්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
US revamps travel warning system
ranks countries