හිටපු ජනපති ලේකම් අබේකෝන්ට සිතාසි

 01/11/2018 - 20:24
12 reads

හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට ලබන අප්‍රේල් 06 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර ඇති නඩු තුනකට අදාල සාක්ෂි ලබාගැනිම සඳහායි.

එමෙන්ම ජනාධිපති ලේකම්  කාර්යාලයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරව සිටි නිළධාරියාට ද සිතාසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පියවර ගෙන තිබෙනවා.

2010 සිට 2012 දක්වා වසරවල වත්කම් සහ බැරකම් ප්‍රකාශ  ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩු ගොණු කරනු ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Presidential Secretariat
P.B. Abeykoon