තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් පිරිසක් තමිල්නාඩුවේ පුරවැසිභාවය ඉල්ලයි

 01/11/2018 - 14:33
6 reads

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් පිරිසක් එම ප්‍රාන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පවුල් 7200කට අයත් පුද්ගලයින් 39,730ක්  මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්.
තමන් යුදසමයේදී ජීවත් වූ ගම්මාන හා ඉඩම් මේ වනවිට වෙනත් පිරිස් විසින් අල්ලාගෙන තිබීම නිසා ජීවත් වීමට ස්ථානයක් නොමැති බව පවසමින් ඔවුන් මෙම ඉල්ලීම කර තිබෙනවා.
තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම්ගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තමනගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ද ප්‍රාන්තය තුළම සිදු කරන බවයි.
එමෙන්ම  ආපසු ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැලපෙන රැකියාවක් ලබාගැනීම දුෂ්කර බව ද ඔවුන් පෙන්වා දෙනවා.
යුදසමයේදී ශ්‍රී ලාංකික දෙමළ වැසියන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ඉන්දියාවේ රැකවරණය පතා ගොස් ඇති අතර සරණාගත කඳවුරුවල ජීවත් වූ ඔවුන්ගෙන් ආපසු දිවයිනට පැමිණ ඇත්තේ ලක්ෂ දෙකක් පමණ පිරිසක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news