වර්ජනයේ නිරත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ ගැටලු ගැන අද සාකච්ඡාවක්

 01/11/2018 - 14:22
8 reads

වර්ජනයේ නිරත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලයට සිය ගැට`ඵ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා  අද දින සාකච්ඡාවක් ලබා දී  ඇතැයි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසනවා.
ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ දින 07ක කාලයක සිටයි.
එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ මීට පෙර ඔවුන්ගේ ඉල්ලීම් සඳහා සහනදායි වැඩපිළිවෙළක් ලබාදී තිබිය දී මෙවැනි වර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි.
අදාළ සාකච්ඡාව ජයවර්ධනපුර රෝහලේ සභාපති, වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.
කෙසේවෙතත් ඒ සඳහා සහභාගිවීම පිළිබඳ මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් කර නොමැති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් අද දිනයේ කොළඹ ජාතික රෝහල සහ අක්ෂි රෝහලේ සියලුම හෙද හෙදියන් ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් අද දින ජාතික රෝහලේ  දෛනිකව පැමිණෙන හෙද කාර්යය මණ්ඩලයේ අඩුවක් දක්නට ලැබෙන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
කෙසේවෙතත් හදිසි ප්‍රතිකාර කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර අක්ෂි රෝහාලේ ද සැලකිය යුතු මට්ටමින් හෙද කාර්යය මණ්ඩලයේ පැමිණීම අඩු බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news