දෙවුන්දර මුහුදේ අනතුරින් මියගිය ධීවරයින්ගේ පවුල්වලට වන්දි

 01/11/2018 - 13:20
3 reads

දෙවුන්දර මුහුදේදී  සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවිර මහතාට  අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි ධිවර අමාත්‍යංශය සඳහන් කරන්නේ.
පසුගිය 09 වනදා රාත්‍රියේ දෙවුන්දර මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් ධීවරයින් දෙදෙනෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන් වුණා.
මියගිය  ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට අමතරව ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙන්ම පවුල් වල නඩත්තුව සඳහා මාසික දිමනාවක් ලබාදීමට ද ධීවර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
2017 වසර තුළ  හදිසි ආපදා හා ස්වභාවික විපත්වලට ලක්වූ ධීවරයින් 14 දෙනෙකුගේ පවුල් සඳහා රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍යංශය සදහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news