විමල් වීරවංශට අධිචෝදනා

 01/11/2018 - 12:46
43 reads

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ අද අධි චෝදනා භාර දෙනු ලැබුවා.
ඒ, අමාත්‍යවරයෙකු ලෙස ඔහු කටයුතු කළ සමයේ සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ යි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරනු ලැබු අතර අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙමව අධිචෝදනා භාර දෙනු ලැබුවා.
කෙසේවෙතත් අධිකරණය හමුවේ පෙනී සිටි විමල් වීරවංශ මහතා කියා සිටියේ අදාළ චෝදනාවලට තමා නිවැරදිකරු බවයි.
ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ මහාධිකරණය පෙබරවාරි 19 වන දා යළි නඩුව කැඳවීමට ද නියෝග කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news