රිය අනතුරකින් රුසියානු ජාතිකයකු මරුට

 01/11/2018 - 12:39
7 reads

ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයේ කොටවිල, කඹුරුගමුව ප්‍රදේශයේ දී සිදු වු යතුරු පැදි  අනතුරකින් 22 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අනතරින් තවත් රුසියානු ජාතිකයෙකු තුවාල ලබා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය වෙනත් වාහනයක ගැටී ඇති අතර එම වාහනයේ රියදුරු පලා ගොස් ඇති බව සඳහන්.
පලාගිය වාහනය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news