සිංගප්පූරු ජාතිකයාට පහරදුන් චීන ජාතිකයකු අත්අඩංගුවට

 01/11/2018 - 11:21
3 reads

සිංගප්පූරු ජාතිකයෙකුට පහර දුන් බව කියන චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලිසිය පවසනවා. පසුගිය 10 වැනිදා සවස හලාවත - අඹකඳවිල ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුව තිබෙනවා.

පහරදීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයෙකු වන Zoo Licai  නම් වූ වයස අවුරුද 57 ක පුද්ගලයෙකි. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සිංගප්පූරු ජාතිකයෙකු වන Eagrian Zoo නම්වූ අයෙකි.

පහරකෑමට ලක්ව ඇති සිංගප්පූරු ජාතිකයා හලාවත - අඹකඳවිල ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා යන පුද්ගලයෙකි.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයා එම අභිජනන මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

10 වැනිදා සවස දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව පහර දීම සිදුවී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

පහරකෑමට ලක්ව ඇති සිංගප්පූරු ජාතිකයා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ පොලිසිය චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමෙන් තමන්ට තුවාල සිදුවී නොමැති නමුත් ඇතිවූ මරණ බය හේතුවෙන් පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි සිංගප්පූරු ජාතිකයා කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හලාවත පොලිසිය සිදු කරගෙන යනවා.

ජූඩ් සමන්ත - පුත්තලම

 

news24.lk
News24
sri lanka news 24
24 news