පිටකොටුව පොලිසියේ සිර මැදිරියක දී තරුණයෙකු ගෙල වැළලා ගනියි

 01/11/2018 - 09:59
6 reads

පිටකොටුව පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළදී තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලු‍යම අදාළ තරුණයා මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.

ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ පිටකොටුව - බැස්ටියන් මාවත ප්‍රදේශයේදී 17 හැවිරිදි මෙම තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය තරුණයාගේ සිරුර මේ වනවිට ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news