මාරාන්තික උපවාසයේ නිරත මාගම්පුර සේවකයින් තුන් දෙනෙකු රෝහල් ගත කෙරේ

 01/11/2018 - 09:25
2 reads

තමන් යළිත් සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් හම්බන්තොට - මාගම්පුර වරාය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටි තුන්දෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම සේවකයින් තිදෙනා ඊයේ පස්වරුවේ රෝහල් ගත කළ බවයි News24 වාර්තාකරු සඳහන් කළේ.

අද, තුන්වන දිනටත් මාගම්පුර වරායෙන් ඉවත් කළ සේවකයන් අටදෙනෙකු මෙම මාරාන්තික උපවාසයේ නිරතව සිටිනවා.

news24.lk
News24
sri lanka news 24
24 news