පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම 18 වන දා සිට

 01/11/2018 - 09:21
4 reads

පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 18 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ජනවාරි මස 19 වන දින සිට ආරම්භ කරන බවයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා බෙදාහැරීමේ කටයුතු පෙබරවාරි මස 04 වන දින දක්වා සිදුකිරීමට නියමිත අතර ජනවාරි මස 28 වන ඉරිදා දින විශේෂ බෙදීමේ දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් හත් ලක්ෂ 60,814 ක්.

news24.lk
News24
sri lanka news 24
24 news