ගනේමුල්ලේ ඉදි කළ ගුවන් පාලම අද ජනතා අයිතියට

 01/11/2018 - 08:36
50 reads

ගනේමුල්ල නගරයේ ඉදි කළ ගුවන් පාලම අද ජනතා අයිතියට පත් කෙරෙනවා.

ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයක් වන ගනේමුල්ල දුම්රිය මාර්ගය ද හේතුවෙන් දැඩි රථ වාහන තදබදයකට මුහුණපා තිබුනා.

ඊට පිළියමක් ලෙසටයි 2016 අප්‍රේල් මස 19 වනදා ගනේමුල්ල ගුවන් පාලම ඉදි කිරීමට මුල්ගල් තබනු ලැබුවේ.

මීටර් 300 ක දිගින් යුත් පිවිසුම් මාර්ගයත් සමග පාලමේ සම්පුර්ණ දිග මීටර් 504 ක්.

මංතීරු දෙකක් සහිතව ඉදිකර ඇති ව්‍යාපෘතියට වැයවූ මුදල රුපියල් මිලියන 1768 කට අධිකයි.

ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා දෛනිකව දුම්රිය වාර 154 ක් පමණ ගමන් කරන බැවින් පැය 3 ක පමණ කාලයක් විටින් විට ප්‍රධාන මාර්ගය වසා තැබෙනවා.

එමගින් ඇතිවු වාහන තදබදය හමුවේ ජනතාවට මුහුණපෑ අසීරු තත්වය මෙම පාලම විවෘත කිරීම මගින් පහව යන බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news