වීසා ගාස්තු සංශෝදනය වෙයි

 01/11/2018 - 07:09
12 reads

වර්තමානයේ පවතින වීසා වර්ග සහ අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ආගාමික සහ විගාමික පනතේ වගන්ති සහ රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.

ඒ අනුව දැනට රුපියල්වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් අය කිරීමට නිර්දේශ වී තිබෙනවා.

එසේම ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති විදේශීය පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින්ට ස්ථීර නේවාසික වීසා ලබාදීමට ද මෙහිදී සිදුකෙරෙනු ඇති.

දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට අනුව නව ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තවදුරටත් ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news