තැපැල් වර්ජනය අත්හිටුවයි - ජාතික සහ අක්ෂි රෝහල්වල හෙද කාර්යය මණ්ඩලය වර්ජනයක

 01/11/2018 - 07:02
3 reads

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය ගැට`ඵ සඳහා විසඳුම් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුව වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් අද දිනයේ කොළඹ ජාතික රෝහල සහ අක්ෂි රෝහලේ සියලුම හෙද හෙදියන් ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ දින 07ක කාලයක සිටයි.

මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news