මත්පැන් අලෙවි කරන ස්ථාන වලින් කාන්තාවන්ට තිබූ තහනම ලිහිල් වෙයි

 01/10/2018 - 17:39
8 reads

ස්කාගාරවලින් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල මත්පැන් අලෙවි කිරීමට, මිලට ගැනීමට සහ ඒවායේ සේවය කිරීමට කාන්තාවන්ට පැවති තහනම ඉවත් කර තිබෙනවා.

මීට අදාල ගැසට් පත්‍රයට අද දිනයේදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් තැබු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම තහනම ඉවත්වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණයි.

මීට පෙර කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීම, ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට ද තහනම් කර තිබුනා.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමෙන් පසු එම තහනම ඉවත් වනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news