නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණයයේ ප්‍රථම මංගල රැළිය අනුරාධපුරයෙන් ඇරඹෙයි

 01/10/2018 - 17:14
10 reads

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණයට අදාල ප්‍රථම මංගල රැළිය මේ වන විට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද මෙහිදි එළිදක්වනු ලැබුවා.

රැළිය සඳහා විශාල පිරිසක් එක්ව සිටින බවයි News24 වාර්තාකරු පැවසුවේ.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරතවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත සෙත් පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news