ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක්

 01/10/2018 - 16:00
11 reads

ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ තට්ටු ගොඩනැගිල්ලක පළමු මහලේ ගින්නක් ඇති වී තිබෙනවා.

අද උදෑසන 10ට පමණ විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න ඇති වී ඇතැයි වාර්තා වනවා.

ගාල්ල නගර සභාවේ ගිණි නිවන ඒකකය විසින් ගින්න පාලනය කර ඇති අතර ගින්න හේතුවෙන් විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හානියක් වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි News24 වාර්තාකරු ප්‍රකාශ කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news