පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් තැබේ

 01/10/2018 - 15:40
12 reads

බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය අතරතුරදී ඇති වූ උණුසුම්කාරී තත්වය හමුවේ තාවකාලිකව අත්හිටවූ පාර්ලිමේන්තු කටයුතු දහවල් 12ට පමණ යළි ආරම්භ වුණා.

පසුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා නිකුත් කරනු ලැබූ ලිපියක් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහි සඳහන් වූයේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වාර්තාව ලබන 17 වනදා සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

පසුව ඊට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශය යළි ඉදිරිපත් කරනු ලැබුවා.

පසුව කතානායකවරයා සභාව ලබන 23 වනදා දක්වා කල් තැබීමටයි කටයුතු කළේ.

මේ අතර පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ක්ලාන්තය වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news