නිට්ටඹුව - කොළඹ අධිසුඛෝපබෝගි බස් රථ හිමියන් විරෝධතාවක

 01/10/2018 - 14:18
11 reads

නියමිත ටෙන්ඩර් පටිපාටියට පටහැනිව නිට්ටඹුව  - කොළඹ මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ සඳහා අවසරපත් නිකුත් කිරීමට විරෝධය පළ කරමින් එම මාර්ගයේ  අධි සුඛෝපභෝගී බස් රථ හිමියන්ගේ සංගමය විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඉදිරිපිට අදාළ විරෝධතාව පැවැත්විණි.
මේ අතර විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඕල්කට් මාවත අවට අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් පැවතියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news