උතුරේ සීග්‍රයෙන් පැතිරෙන මත්ද්‍රව්‍ය උවදුර මැඩීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඉල්ලා කළ යෝජනාවට පළාත් සභාවේදී අනුමැතිය

 01/10/2018 - 14:11
6 reads

යාපනය පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ඉල්ලා කළ යෝජනාවක් උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබෙනවා.
උතුරු පළාත් සභාවේ 115 වෙනි සැසිවාරයේදී ඒ.ආසීම් මන්ත්‍රීවරයා විසිනුයි මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරයා දැණුම් දී ඇත්තේ පළාත් සභාවේ ලේකම්වරයා විසින් මෙම යෝජනාව හා ඉල්ලීම පිළිබඳව ලිපියක් පොලිස්පතිවරයාට යැවිය යුතු බවයි.
යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ යාපනයේ පාසල් සිසුන් පවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news