බහුදින ධිවර යාත්‍රාවක් නෞකාවක ගැටෙයි - දෙදෙනෙක් මරුට

 01/10/2018 - 13:50
2 reads

දෙවුන්දරට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නෞකාවක් බහුදින ධිවර යාත්‍රාවක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.
බහු දින යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා.
අදාළ නෞකාව වාහන ප්‍රවාහනය කරනු ලබන්නක් වන අතර එය චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වී හම්බන්තොට වරාය බලා යාත්‍රා කරමින් තිබියදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් බහු දින ධීවර යාත්‍රාව ඉකුත් පස් වනදා හික්කඩුව ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news