මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

 01/10/2018 - 12:27
1 read

හෙරොයින් කොකේන් සහ අයිස් නැමැති මත් ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු වත්තල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් සියයයි මිලිග්‍රෑම් 570ක්,  කොකේන් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 555ක් සහ අයිස් ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 690ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මේ අතර ගංජා සහ හෑෂ් සමඟ සැකකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා කිලෝ ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම හෑෂ් ග්‍රෑම් 314ක් ද සැකකරු සතුව තිබී සොයාගෙන ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news