බැදුම්කර වාර්තාව සතියකින් ලබාදෙන බවට ජනපති කතානායකට දැනුම්දෙයි

 01/10/2018 - 11:28
46 reads

බැදුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ෂණ කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ බැදුම්කර වාර්තාව පිළිබඳ විවාදයක් සඳහා අද රැස්වූ පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය අමතමින්.
එම අවස්ථාවෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සිය අදහස් පළ කිරීම සිදු කරනු ලැබුවා.
පසුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව කැඳවූ හේතුව පැහැදිළි කරනු ලැබුවා.
මෙම විරෝධතා මධ්‍යයේ  අග්‍රාමාත්‍යවරයා විසින් බැදුම්කර සිද්ධියට අදාළව අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය අතරතුරදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළහකාරී ලෙස පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධා සිදු කළා.
කෙසේ වෙතත් එම බාධා නොතකමින් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ රැකවල් මධ්‍යයේ සිය ප්‍රකාශය සිදු කරනු ලැබුවා.
දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් බාධා කිරීම හේතුවෙන් කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
එමෙන්ම පක්ෂ නායක රැස්වීමක් සඳහා රැස්වන බවට ද කතානායකවරයා එහිදී කියා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news