උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි ජනපති කියයි

 01/10/2018 - 11:13
4 reads

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, ඊයේ පස්වරුවේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.
උමා ඔය ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය, ඉදිරි සැළසුම් සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.
එමෙන්ම ඉදිරියේදී පවතින කාළගුණ තත්ත්වයන් හදුනාගනිමින් ඊට මුහුණ දිය හැකි අයුරින් අදාළ සැළසුම් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news