බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය බොරැල්ලට - පෑලියගොඩ-කටුනායක මාර්ගයත් වැසෙයි

 01/10/2018 - 08:00
47 reads

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිට කැලණි පාලම අසලින් කැලණිය හා වත්තල දෙසට වන වාහන පිටවුම් මාර්ගය අද සිට වසා දමන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නව කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාපෘතිය හේතුවෙන් මෙම තීරණය ගනු ලැබු බවයි.
මෙහිදී කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහන සුපුරුදු පරිදි ගමන් කල හැකි අතර, කැළණිය සහ වත්තල දෙසට පිටවීම සඳහා කැළණි පාලම අසලින් ඇති පිටවුම් මාර්ගය භාවිතා කරන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවනු ඇති.
මේ අතර, බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද ආරම්භ වුණා.
උදෑසන 6 ට මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු අතර බොරැල්ල මංසන්දියේ සිට මරදාන දෙසට ඇති පිවිසුම් මාර්ගයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය පෙරවරු 9 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news