මාන්කුලමේ රිය අනතුරකින් සිව් දෙනෙකු මරුට

 01/10/2018 - 07:17
11 reads

කිළිනොච්චිය මාන්කුළම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ වෑන් රථයක්, නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ රියදුරු සහ තවත් පුද්ගලයින් සිව් දෙනකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
මේ අතර, කිළිනොච්චිය මුලන්කාවිල්, ක්‍රිෂ්ණා කෝවිල අසලදී මාර්ගයේ ගමන් ගත් බැකෝ යන්ත්‍රයක් ඇග මතට පෙරලීමෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
අදාළ බැකෝ රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

 

ඡායාරූප - මාධව කුලසූරිය - වවුනියාව

news24.lk
News24
sri lanka news 24
24 news