ඒකාබද්ධයේ විශ්වාසභංගය ගැන සළකා බලන්න නිදහස් පක්ෂය සූදානම්

 01/09/2018 - 21:13
6 reads

ඒකාබද්ධ විපක්ෂය බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එහි අන්තර්ගත කරුණු සළකා බලමින් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අදාළ විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙන ඒමට තම සාමාජිකයින් සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කර තිබුණා.
අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණය සම්බන්ධයෙන් අදහස් පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංගයේ අන්තර්ගත වන කරුණු දෙස බලා තීරණයක් ගන්නා බවයි. එසේම මීට පෙරද එවැනි විශ්වාසභංග යෝජනා ගෙන ඇවිත් අතරමගදි අතහැරි බවද ඔහු කියා සිටියා.
බැදුම්කර ගණුදෙනු  සිද්ධියට අදාලව චෝදනා ලැබුවන්ට දඩුවම් ලබාදීමෙන් පමණක් සිදුවු ආර්ථික හානිය වළක්වාගත නොහැකි බව එළිය සංවිධානය පවසනවා.
එම සංව්ධානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව සදහන් කලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news