රජරට රැජිණට වැලිගමදී තරුණියක් බිළි

 01/09/2018 - 21:11
12 reads

මාතර සිට වව්නියාව බලා ධාවනය වූ රජ රට රැජිණ දුම්රියේ ගැටීමෙන් තරුණියක මිය ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වැලිගම කුෂ්ඨරාජගල දුම්රිය ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අවුරුදු 20ක් පමණ වයසැති ඇගේ අනන්‍යතාවය පිළිබඳ මෙතෙක් තහවුරු වී නැහැ.
මෙය සිය දිවි හානි කර ගැනීමක් ද නැතහොත් අනතුරක් ද යන්න පිළිබඳව ද තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම දුම්රියෙන් ඇඳවැටී තුවාල ලබා නාවලපිටිය මූලික රෝහළ වෙත ඇතුළත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news