බැඳුම්කර ගනුදෙනුව විවාදයට ගන්නා දිනය ගැන තීරණය හෙට

 01/09/2018 - 19:14
7 reads

ආන්දෝළනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ වාර්තාව හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ විවාදය පැවැත්වීමේ දිනය තීරණය කිරීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකග වී තිබෙනවා.
පාර්ලිමේන්තුව හෙට දින රැස්වීමට නියමිතව තිබුණ ද බැඳුම්කර වාර්තාව මෙතෙක් ලැබී නොමැති නිසා ඒ පිළිබඳ විවාද කරන්නේ කෙසේද යන්න පිළිබඳව පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් අද විමසා ඇති බව සඳහන්.

අදාළ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී ගත් තීරණ පිළිබඳ නිව්ස් 24 වෙත අදහස් පළ කළ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ මහතා.
අවසානයේ එකඟතාවයකට පැමිණියා එම වාර්තාවේ පිටපතක් ජනාධිපතිතුමාගෙන් ගෙන්වාගෙන හෙට උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව... කතානායකතුමා එසේ කටයුතු කරන බවට පොරොන්දු වුණා. ඒ වගේම ඉන් අනතුරුව හෙට දිනයේදීම පක්ෂ නායකයන් රැස්වී විවාදයක් කිරීම සම්බන්ධ දින කාලය සාකච්ඡා කිරීමට හමුවීම කටයුතු කරන බව. එසේම පෙර පැවැති ජනාධිපති කොමිසන් වාර්තාවන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ආණ්ඩුවෙත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රකාශ කර සිටියා. මේ අනුව පාර්ලිමේන්තුව හෙට උදේ 10.30ට රැස්වූ විට බලාපොරොත්තු වනවා වාර්තාවේ පිටපතක් සභාගති කිරීම සිදුවෙයි කියලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news