දළ පූට්ටුවා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

 01/09/2018 - 18:48
6 reads

ගල්ගමුවේ දල පූට්ටුවා හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනෙකු ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් එක් සැකකරුවෙකු පමණක් අද දින ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා නියෝග කළ බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
දල පූට්ටුවා ඝාතනයට යොදා ගත් ගිනි අවිය ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි නඩුවේ 08 වන විත්තිකරු මෙලෙස ඇප මත මුදා හැර ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news