කාන්තාවක් ඝාතනය කර සැමියා දිවි නසා ගනී

 01/09/2018 - 17:54
5 reads

සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර ඔහු ද ගෙල වැළලාගෙන සියදිවි හානිකරගැනීමේ පුවතක් වව්නියාව, මහරම්භකුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ නිවසේ සිටි කුඩා දරුවෙකු විසින් ප්‍රදේශවාසීන්ට කළ දැනුම්දීමකින් අනතුරුව ඔවුන්ගේ සිරුරු අද උදෑසන සොයාගත් බවයි.
ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බව සඳහන්.
මිය කාන්තාවගේ පළමු සැමියා මීට පෙර ඇය අතහැර ගොස් ඇති අතර ඝාතනය සිදුකළ තැනැත්තා ඇයගේ දෙවන සැමියා බවට අනාවරණය වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news