ගිලන් රථයකට අලාභහානි කර එහි සිටි අයෙකුට තියුණු ආයුධයකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට

 01/09/2018 - 15:37
5 reads

ගාල්ල, ඇල්පිටිය, ඇත්කඳුර ප්‍රදේශයේදී ගිලන් රථයකට අලාභහානි කර එහි සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගැබිණි මවක් රැගෙන යමින් සිටින අතර තුරදී එම රථයට ගොඩවූ අදාළ කාන්තාවගේ සහෝදරයෙකු විසින් එහි සිටි තවත් සහෝදරයෙකුට මෙම පහර දීම සිදු කර ඇති බවයි.
පවුල් ආරවුලක් මුල් කර ගනිමින් අදාළ පහරදීම සිදුකර ඇති අතර පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල, බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news