උසස් පෙළ විශිෂ්ඨයන් ජනපති හමුවෙයි

 01/09/2018 - 15:34
3 reads

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර ප්‍රදේශයේ පාසල් දෙකක සිසුවියන් අද පෙරවරුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් එළෙස මුණ ගැසුණු බවයි.
මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ සහ වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගනු ලැබුවේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක්.
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ සිසුවිය සහ ජෛව්‍ය පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් සිසුවා ද එම අවස්ථාව සඳහා එක්ව සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news