කල්පිටිය කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පැහරගනියි

 01/09/2018 - 14:08
2 reads

කල්පිටිය පොලීසියේ සේවය කරන කොස්තාපල්වරයෙකු සතුව තිබූ ටී - 56 වර්ගයේ ගිනි අවියක් සොරකම් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 7 වන දා කල්පිටිය - තුඩාව ප්‍රදේශයේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී කොස්තාපල්වරයාට නොදැනෙන සේ මොහු ගිනි අවිය සොරාගෙන තිබුණා.

සැකකරු හලාවත - මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

news24.lk
News24
sri lanka news 24
24 news