ඕමානයේ සිට මෙරටට පැමිණි පොහොර නෞකාවෙන් දිස්ත්‍රික්ක රැසකට පොහොර

 01/09/2018 - 13:04
4 reads

ඕමානයේ සිට මෙරටට පැමිණි පොහොර නෞකාවෙන් දිස්ත්‍රික්ක 05කට පොහොර බෙදා හැරීම ආරම්භ කර ඇති අතර, අද දිනයේදී තවත් දිස්ත්‍රික්ක 03 ක් සඳහා පොහොර බෙදා හැරීමේ සිදුකරන බව ලංකා පොහොර සමාගම පවසනවා.

පෙරේදා දිනයේදී  ඕමානයේ සිට මෙටි‍්‍රක් ටොන් 48,000ක් රැගත් පොහොර නෞකාවක් දිවයිනට ළඟා වුණා.

දිවයිනේ ප්‍රදේශ රැසකින් පොහොර හිඟ බවට තොරතුරු වාර්තා වූ අතර ඊයේ දිනයේදී ද, ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළ උණුසුම් තත්ත්වයක් හට ගත්තේ පොහොර හිඟ බවට ගොවීන් චෝදනා කිරීමත් සමඟයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news