තහනමින් පසු පළමු තේ තොගය රුසියාවට

 01/09/2018 - 12:40
8 reads

රුසියාව විසින් මෙරටට පැනවූ තේ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව පළමු තේ තොගය  එරටට අපනයනය කළ බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

එහි සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසුවේ නියමිත ප්‍රමිතියෙන් යුතුව අදාළ තේ තොගය රුසියාවට අපනයනය කළ බවයි.

පසුගිය 18 වන දා සිට රුසියාව වසින් මෙරටින් ආනයනය කරන  තේ සඳහා තහනමක් පනවනු ලැබුවා.

ඒ, තේ බහලුමක තිබී කෘමියෙකු හමුවීමත් සමගයි.

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පැවසුවේ අදාළ කෘමියා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බවයි.

එහෙත් තේ අපනයනය කරනු ලබන කර්මාන්ත ශාලාවල ගබඩා දූමායනය කිරීම ආරම්භ කර ඇති බව ද රොහාන් විජේකෝන් මහතා ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news