දූෂිතයන්ට දඬුවම් දෙන බවට ලබාදුන් පොරොන්දු ගැන වසර 03 කට පසු අගමැතිගෙන් යළිත් ප්‍රතිඥාවක්

 01/09/2018 - 12:09
7 reads

දූෂිතයන් සහ පුද්ගල ඝාතකයින්ට එරෙහිව දඬුවම් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දු තවදුරටත් ඉටු කිරීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම කියා සිටියේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 9ක් ගත වී ඇතත් මෙතෙක් ඊට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් හිමි වී නොමැති බවයි.

දූෂිත සහෝදර සමාගමක ග්‍රහනයෙන් රට මුදවාගෙන ජාත්‍යන්තර ප්‍රජාවේ පිලිගැනීමත් සමග ජනාධිපතිවරයා සමගින් එක් වී යහපාලනය ගොඩනැගූ බවයි අදාළ නිවේදනයේ දැක් වුණේ.

2015 ජනාවරි මස 8 වන දින රජය විසින් ලබාදුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට යහපාලන ආණ්ඩුව තවදුරටත් කැපවී සිටින බව ද  අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ තවදුරටත් දැක් වෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news