ත්‍රිකුණාමලයෙන් පැහැරගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයා ගම්පහදි හමුවෙයි

 01/09/2018 - 09:32
11 reads

පසුගිය සිකුරාදා පැහැර ගැනීමට ලක්වූ ත්‍රිකුණාමලයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගම්පහ - මිරිස්වත්ත ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසියට හමුවී තිබෙනවා.

මෙම තරුණයා අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත රැගෙන ඒමට නියමිතයි.

ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම තරුණයා පසුගිය සිකුරාදා රාත්‍රියේ පැහැර ගැනීමට ලක්වූයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි.

ඔහු ගමන් කළ යතුරුපැදිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාළු ස්ථානයක දමා ගොස් තිබියදී පසුව පොලීසිය සොයාගෙන තිබුණා.  

මෙම තරුණයාගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු වන අතර, මීට වසර කිහිපයකට පෙර ඔහු වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වී ඇති බව සඳහන්.

පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ මවට කිසියම් පිරිසක් දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ පියා හා සම්බන්ධ තොරතුරු කිහිපයක් දැන ගැනීම සඳහා පුත්‍රයා පැහැර ගත් බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news