දයා මාස්ටර්ට පහරදීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට

 01/09/2018 - 07:18
6 reads

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයෙකු ඔහුගේ කාර්යාලයේ සේවකයින් පිරිසක් විසින් යාපනය පොලීසිය වෙත භාර දී තිබෙනවා.

දයා මාස්ටර් මහතා මේ වන විට යාපනයේ ප්‍රචලිත විදේශීය දෙමළ රූපවාහිනී නාලිකාවක ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙන් කටයුතු කරන බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් දයා මාස්ටර්ට සුළු තුවාල සිදුව තිබෙනවා.

කුමන හේතුවක් මත සැකකරු මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණියේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news