විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අනිද්දා

 01/08/2018 - 18:20
2 reads

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අනිද්දා පැවත්වෙන බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවල මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වෙත කළ දැනුම්දීමකට අනුව මෙම රැස්වීම කැඳවා ඇති බවයි වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කළේ.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස් පක්ෂය පසුගියදා ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කථානායකවරයා හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news