ගුවන් පාලම ජනසතු කිරීමට එක්වූ ජනපති - අගමැති

 01/08/2018 - 18:17
44 reads

ගෙවුණු වසර තුනක කාලයේ දී ජාත්‍යන්තරය ද දිනා ගනිමින් රට සංවර්ධන මාවත කරා රැගෙන ගිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු නව ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යහපාලන ආණ්ඩුව යටතේ රට සීඝ්‍ර සංවර්ධනයකට එළඹ ඇති බවයි.

රාජගිරියේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද ජනතාවගේ පහසුව සඳහා මාස 11කට පෙර එහි වැඩ අවසන් කළා.

දේශීය සමාගමක් සහ ස්පාඤ්ඥ සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 ක්.

මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news