නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිම නීති විරෝධී බව පවසා පොදු ජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට

 01/08/2018 - 18:04
5 reads

පානදුර, වැලිගම හා තිරප්පනේ යන පළාත් පාලන ආයතන සඳහා  ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිම නීති විරෝධි බව පවසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි News24 වාර්තාකරු පැවසුවේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු 08 දෙනෙකු නම් කර තිබෙනවා.

එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒවා යළි භාරගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම අදාළ පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු එම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්විම අත්හිටුවිමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

news24.lk
News24
sri lanka news 24
24 news